Sunday, January 13, 2013
මගේ රට- අළුත් බ්ලොගියක්.
මගේ ඊමේල් ගිණුමට පැමිණි ඊයක් නිසා මා මෙතෙක් කියවා නැති, එහෙත් මා කියවන්නට කැමැත්තෙන් සිටි වර්ගයේ බ්ලොග් අඩවියක් හමුවුණා. එහි නම මගේ රට..මම එම බ්ලොග් සටහන් කිහිපයක්ම කියවා බැලූවා. වටිනා අදහස්. නමුත් අඩවිකරුවාගේ සමහර මතවාද සමග එකඟ වීමට නොහැකි තැන් එහෙමත් නොතිබුණා නොවෙයි. එම සීමාකම් තිබියදී වුවත් මේ අඩවිය සිංහල බ්ලොග් පාඨකයන් මග නොහැර කියවිය යුතු එකක් යැයි මට සිතුණා. කියවා බලන්න.
අපේ රටේ බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩා නරඹන්නේ ලංකාව ක්‍රීඩා කරන විට පමණි. අපි කැමති ක්‍රීඩාවට නොව අපේ රට දිනනවා දැකීමටය. අර්ජුන රණතුංගගේ කණ්ඩායම ලෝක කුසලාණය දිනුවායින් පසු අපිටත් දිනන්නට පුළුවන් යැයි හැඟීමක් අපට ඇතිවිනි. සාමාන්‍ය මිනිස්සු තවම ක්‍රිකට් ගැන උනන්දු වන්නේ ඒ ගැම්මටය. අපේ අල්ලපු රටවල්ද අපි මෙන්ම ක්‍රිකට් උන්මාදයෙන් පසුවෙන බව කියැවේ. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිත් අපේ ක්‍රිකට් සංස්කෘතියත් අතර යම් වෙනස් කම් ඇත. ඉන්දියාවේ ක්‍රිකට් හරහා විසිරී සිටින විවිධ ජාතියේ ඉන්දියානුවන්ට තමන් එකම ජාතියකට අයිතිය යන හැඟීම ලබා දෙයි. ක්‍රිකට් හරහා සිංහළුන්ගේ ජාතික හැඟීම් වැඩුනත් සිංහළුන්ට ජාතිකත්වයක් ලබාදෙන්නේ ක්‍රිකට් නොව ඔවුන්ගේ ඉතිහාසයය. අද වෙන්වී සිටින දෙමළුන් ඒ ජාතියට බන්දා ගන්නට නම් ක්‍රිකට් උපකාරී වෙන්නට පුළුවන. කෙසේ වුනත් පොදුවේ ශ්‍රී ලාංකිකයින් ක්‍රිකට් දකින්නේත් ගසන්නේත් වෙනමම ක්‍රමයකට බව කාගේත් පිළිගැනීමය. ඒ වෙනස අපි දිනන විට නොව පරදින විට වඩා හොඳින් දැක ගත හැකි යැයි මම සිතමි.
ඔවුන්ගේ කණ්ඩායම පරදින විට ඉංදියාවේත් පකිස්ථානයේත් මිනිස්සු කුපිත වී ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන බවත්, වීදි බැස කල කෝලාහළ කරන බවත්, ක්‍රීඩකයින්ගේ රූකඩ වලට ගිනි තබන බවත් අපි අසා ඇත්තෙමු. ඔවුන්ට පරාජය දරා ගත නොහැකිසේය. අපි නම් එසේ කරන්නේ නැත. හූවක් වත් කියන්ට අපිට සිත් නොදේ.
දිගටම කියවන්න මෙතනින් යන්න.
Subscribe to:
Post Comments (Atom)
කමතට ගොඩ උනා ඔන්න ඔහේ..අයියෝ ඒ බ්ලොග් ඒකට යන්න දෙන්නේ නෑනේ...
ReplyDelete